වහාම කොවිඩ් පරික්ෂණයට යොමුවන්න : ටැන්සානියාවේ සිට පැමිණි පිරිසකට විශේෂ දැනුම් දීමක්

ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයට සහභාගීවී මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස කඩිනමින් කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ, එම සම්මේලනයට සහභාගීවූ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් මේ වනවිටත් කොවිඩ් ආසාදිතයින් ලෙසට තහවුරු වී ඇති පසුබිමකයි.

අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ පසුගියදා පැවැති බෞද්ධ සම්මේලනයට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ගිහි සහ පැවිදි 30ක පමණ පිරිසක් සහභාගි වී තිබුණා.

එය අවසන්වී යළි පැමිණීමේදී එරටදී සිදුකළ PCR පරීක්ෂණවලදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබුණේ.

පිරිස ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු සිය නිවෙස් කරා ගමන් කර ඇති අතර මහනුවර ප්‍රදේශයෙන් ඊට සහභාගී වූ හිමිනමක් සහ ගිහියෙක් සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අතර එහි වාර්තා අනුව එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත සුභසිංහ මහතා,

“අප්‍රිකානු ප්‍රහේදය ලංකාවට ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දූත ගමනට සහභාගී වූ සියලුම ගිහි සහ අපේ ස්වාමින්වහන්සේලා ඉන්නතැනම ඉන්න. ළඟම ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මේ පිළිබඳව දැනුම් දෙන්න. නැවත අත්‍යවශ්‍යම PCR පරීක්ෂණයක් කරන්න ඕනේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30