AFC Banner
Empty Ad
Empty Ad

ළහිරු කුමාර වෙනුවෙන් ඉදිරියට එන මාලිංග

ළහිරු කුමාර මේ දින වල බොහෝසෙයින්සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන ක්‍රීඩකයෙක්.පැයට කිලෝ මීටර් 150කට ආසන්න අගයකින් පන්දු යැවීමට හැකියාවක් ඇති මෑත ඉතිහාසයේ කන්ඩායම තුල සිටින ජවසම්පන්නම තරුණ ක්‍රීඩකයෙක් වන ළහිරුට පසු ගිය ලෝක කුසලාන තරඟ මාලාවේ දී දකුණු අප්‍රිකාව සමග තරඟයේ දී අවසන් පන්දු වාරය යැවීමට හිමි වූ අතර එම පන්දු වාරයය තුලදි හයේ පහර කිහිපයකින් තරගය අවසන් කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා.එහි දිගුවක් වෙමින් මෙවර එල්.පී.එල් තරග මාලාවේදී ක්‍රියාත්මක කෙරූ අවසන් පන්දුවාරයටත් හයේ පහර වරුසාවකින් බැට කන්නට ඔහුට සිදු වුනා.
මේ සම්බන්දව මුහුණුපොතේ ක්‍රීඩා විචාරකයින් බොහෝ කරුණු කාරනා ඉදිරිපත් කළ අතර බොහෝමයක් විශේෂඥ්ඥ මත ද ඒ අතර උනා.මේ සියල්ල උපේක්ශාවෙන් බලා සිටි මෙරටින් බිහිවූ සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ යූ ටියුබ් ගිනුමේ මේ සම්බන්ධව කතාබහක් කරනවා.ඔහු පවසන්නේ ළහිරු කුමාර මෙරටින් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙක් බවත් ඔහුගේ දක්ශතාවය ඉදිරි ලෝක කුසලානයට අත්‍යාවශ්‍ය වන බවත් එය නිවැරදි ආකාරයට යොදා ගන්නා ආකාරය කියා දීමට තමන් සූදානම් බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ ළහිරු කුමාර යනු ලංකාව දිනවිය හැකි අපි අනිවාර්‍යෙන් රැකගත යුතු ක්‍රිඩකයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?