කෝච් උමාරියා මට අම්මා කෙනෙක් වගේ..

නම – හරිත් විජේරත්න

ගම – තිඹිරිගස්යාය

පවුලේ විස්තර – අම්මා තාත්තා සහ මම. පවුලේ එකම ළමයා. අම්මා තාත්තා ව්‍යාපාරික කටයුතු කරන්නෙ.

ඉගෙන ගත්ත පාසල – කොළඹ රාජකීය විද්‍යාලය

සංගීතයට යොමු වෙන්නෙ කොයි කාලෙද?
මම පොඩි කාලෙ ඉඳන්ම. ඒ කියන්නෙ අවුරුදු හතරේ පහේ වගේ කතා කරන්න පටන් ගන්න කාලේ ඉඳලම සින්දු කියන්න පටන් අරන් තියෙනවා කියලා තමයි අම්මයි තාත්තයි කියන්නෙ. මම මට මතක ඇති කාලේ ඉඳන් සින්දු කියනවා. මම රාජකීය විද්‍යාලයේ සග කියන ප්‍රසංගයට තුනවසරේ සිට උසස්පෙළ දක්වා දිගටම සින්දු කිව්වා.

Voice තරගාවලියට එකතු වෙන්න හිතුනේ ඇයි
මගෙ යාළුවො දෙන්නෙක්ම මට එවලා තිබ්බා. මගේ බැජ් එකේ යාළුවෙක් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මගේ ඉන්න හොඳම යාළුවා.

මම සාමාන්‍යයෙන් රියැලිටි තරගවලට එතරම් කැමැත්තක් දක්වපු කෙනෙක් නෙවෙයි. නමුත් Voice Srilanka තරගාවලියේ තියෙන සුවිශේෂීත්වය තමයි ජාත්‍යන්තර ප්‍රමිතියේ තියෙන තරගයක් නිසා මම ඇප්ලයි කරන්න හිතුවා.

ඇප්ලයි කරද්දි හිතුවද ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.. ?
මට විශ්වාසයක් තිබ්බා මට වොයිස් ශ්‍රී ලංකා වෙන්න පුළුවන් කියලා. තරගය ටික දුරක් යද්දි ඒ බලාපොරොත්තුවට ලොකු ඇල්මක් තිබ්බෙ නැහැ. නමුත් ඒ බලාපොරොත්තුව නිසා හිත ගොඩක් බර කර ගත්තෙ නැහැ. හිතේ කොනක ඒ බලාපොරොත්තුව තිබ්බා.

අවසාන මොහොතේ ජයග්‍රහණයට ඔබේ නම කියද්දි දැනුණු හැඟීම මොකක් ද?
මගේ නම ද ඒ කිව්වෙ කියන එක ඔළුවට යන්න ටිකක් වෙලා ගියා. මම මවිතයට පත්වුණා. ඊට පස්සෙ මම කෝච් උමාරියාගෙ මුහුණේ තිබ්බ ප්‍රතිචාරය දැක්කම කෝච් උමාරියා ගාවට දුවගෙන යන්න හිතුනා. මට ඒ වෙලාවෙ දැනුණු සතුට වචන වලට පෙරළන්න බැහැ.

ඔබ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක්, කොහොමද කාලය යොදාගත්තේ
ඔව් මේ වෙද්දී මම වෛද්‍ය විද්‍යාලයේ සිවුවැනි වසරේ ඉන්නෙ. මම පාඩම් වැඩ කරන වෙලාවට සංගීතය ගැන හිතුවෙ නැහැ. ඒ වගේම සංගීත වැඩ වලට මනස යොදවද්දි මම පාඩම් ගැන හිතුවෙ නැහැ. ඒ නිසා කාලය යොදාගන්න අපහසු වුනේ නැහැ.

ඔබ තෝරා ගන්නෙ උමාරියා, ඇය ගැන කිව්වොත්
ඔව්. උමාරියා කියන්නෙ ජාත්‍යන්තර තලයේ ඉන්න කලා ශිල්පිනියක්. මම ඇයගෙන් මට ලොකු සහයෝගයක් හම්බුණා මේ ජයග්‍රහණය දක්වා එන්න.

වෙලාවකට අම්මා කෙනෙක් වගේ; තව වෙලාවකට අක්කා කෙනෙක් වගේ අපිට බොහොම ආදරෙන් තමයි ගුරුහරුකම් ලබා දුන්නෙ.

උමාරියා කියන්නෙ හරිම නිහතමානී හෘදයාංගම කෙනෙක්. රූපවාහිනී තිරයෙන් දකින විදියම තමා තිරෙන් පිටුපස ඉන්නෙත්. උමාරියා දන්නවා අපි හැමෝටම කියන්න ඕනේ දේ. ඒ නිසා මේ ජයග්‍රහණයෙ ලොකුම කොටස යන්නෙ උමාරියාට කිව්වොත් නිවැරැදියි.

තරගාවලියෙදි ලැබුණු හොඳම කමෙන්ට් එක මොකක් ද?
මට මේ තරගාවලියෙ මුල ඉඳන් ලැබුණේ හොඳ කමෙන්ට්ස්. ඒ අතර මම අවසන් පූර්ව වටයට ගායනා කළ ජෝතිපාලයන්ගේ දුලීකා ගීතයට කෝච් උමාරියා දුන්නු කමෙන්ට් එක මට විශේෂයි. ලංකාවෙ කොඩිය ජාත්‍යන්තරයේ ගහන්න වුණත් පුළුවන් මේ වගේ ඉදිරිපත් කිරීමකට කියලා. ඒ දුන්න කමෙන්ට් එක මට ගොඩක් වටිනවා.

මේ ගමන එන්න අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණ සහයෝගය
මම අද තැනක ඉන්නව නම් ඉන්නෙ අම්මා තාත්තා මට දුන්න සහයෝගය නිසා. මම කරන දේ උපරිමයෙන් කරන බව ඒ දෙන්නම දැක්ක. ඒ නිසා මගේ ගමනට හැමදාම හැම අතින්ම ශක්තියක් වුණා. ඒ අයගේ කැපකිරීම් තමා මාව මේතාක් දුර ගෙනාවේ.

හරිත් වටා හොඳ මිතුරු පිරිසක් අපි දැක්ක, කොහොමද ඒ අය දුන්න සහයෝගය
ඒ අයට මට වඩා විශ්වාසයක් තිබ්බා. මාව හම්බෙන හැම තැනකදීම කිව්වා your the voice කියලා. ඒ ආශිර්වාදය මට ලැබුණා. මට එක කුස උපන් සහෝදරයෙක් නැහැ. මම හිතන්නෙ නැහැ සහෝදරයෙක් හිටියත් ඒ තරම් සහයෝගයක් දෙයි කියලා. ඒ තරම් ලොකු සහයෝගයක් මට යාළුවන්ගෙන් ලැබුණා. මම හිතන්නෙ ඒක මම කරපු පෙර පිනක්.

වෛද්‍යවරයෙක් වෙන්න තව කොච්චර කාලයක් තියෙනවා ද?
තව අවුරුද්දක් තියෙනවා.

දැන් ඔබේම ගීතයක් අහන්න ලැබෙයිද?
දැනටත් ගීතයක් නිර්මාණය කරගෙන යනවා. ළඟදීම මගේම ගීතයක් අහන්න පුළුවන්.

අනාගත බලාපොරොත්තු මොනවාද?
වෛද්‍ය වෘත්තීය කරගෙන යන අතරතුර සංගීත ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගන්න සහ මම කැමති මිය ගියාට පසුව වුණත් මිනිස්සුන්ට මතක හිටින ගායකයෙක් වෙන්න.

ආපස්සට හැරිලා බලද්දි අද මොකද හිතෙන්නෙ
මට හිතෙනවා අවුරුද්දක් තිස්සෙ තරගකරුවන් තිස්දහසක් අතරෙන් කිරුළ හිමිකර ගැනීම මම ලද ජයග්‍රහණයක් වගේම මගේ කෝච් සහ මා වටා හිටිය හැමෝම ලද ජයග්‍රහණයක්. ඒ නිසා ඒ සියලු දෙනාටම අභිමානයක් එක්කරන්න ලැබුණු එක ජීවිතේ අමතක නොවන සතුටක්.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11