ජපුර රසායනාගාරය අඩපන කිරීමට රජය වෙර දරයි…

කොවිඩ් ප්‍රභේද ආශ්‍රිතව ජාන විශ්ලේෂණ අනුක්‍රමික පර්යේෂණ සිදුකරන මෙරට එකම පර්යේශණාගාරය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය රසායනාගාරයේ පරීක්ෂණ නවතා දැමීමේ උත්සහයක රජය නිරත වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමය පවසන්නේ කොවිඩ් ආසාධිතයින් සොයා ගැනීමට නොව ආසාධිතයින් සොයා ගැනීම වැළැක්වීමට දැඩි අවශ්‍යතාවක් රජයට පවතින බවයි.
සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ හමුවූ ඔමික්‍රෝන් රෝගියා පවා හමුවූයේ ඉන්දියාවට ආපසු යෑමට කල පරීක්ශනයක් නිසා මිසක් ශ්‍රී ලංකාව විසින් කල පරීක්ශනයක් නිසා නොවන බවයි.

කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා මෙරටට පැමිණෙන පුද්ගලයින්ද පීසීආර් පරීක්ෂණ වෙත යොමු කිරීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන්ද කුමුදේශ් මහතා චෝදනා මුඛයෙන් කතා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?