රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කරේ.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිතය.

“ රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන” නැතහොත් “ 2020 බඳවාගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් රාජ්‍ය සේවයට /පළාත් රාජ්‍ය සේවයට පත් කිරීමේ වැඩසටහන” අනුව ලබා දුන් සම්පූර්ණ පත්වීම් ප්‍රමාණය 58116 කි.

මෙම රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගැනීමේදී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කුමන හෝ උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමාවක් සඳහා 2020 දෙසැම්බර් 31 දිනට සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු විය.

මෙසේ බඳවාගත් පිරිස ප්‍රාදේශීය ලේකම්වරු යටතේද, රජයේ විවිධ දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවලටද, පළාත් සභාවලටද අනුයුක්තව පුහුණුව ලබමින් සිටිති.

මේ අතරින් ගුරු සේවය සඳහා පත්වීම් 22000 ක් ලබා දීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේය. කැබිනට් අනුකාරක සභාවේ සභාපති , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පළමුව, 51000 ම රාජ්‍ය සේවයේ ස්ථීර කරන බවය.

අනතුරුව ගුරු සේවයට එක් වීමට කැමති අයට (දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවද, නොලැබුවද) ඉල්ලුම් කර, ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ලබා දීමට, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවද ඔහු අනාවරණය කළේය.

දැනට පුහුණුව ලබන මෙසේ බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට අදාළ ලිපිය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අදාළ පළාත් සභා ලේකම්වරු වෙතද යොමු කර තිබේ.

ඊට සමගාමීව මධ්‍යම රජය යටතේ විය යුතු ක්‍රියාවලියද ආරම්භ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58