මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න : ඇමති විමල් ගෙන් සැර පිළිතුරක්

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ඊයේ (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

මේ අතර අද කොළඹ පැවති උත්සවයක් අවසානයේදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් විමල් විරවංශ අමාත්‍යවරයා පැවසුවේ යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බවයි.

” ඒක අධිකරණයේ විනිසුරුවරුන්ගේ තීරණයක් නෙමෙයි නේ. නීතිපතිතුමාගේ නියෝජිතයෝ යන්නෙත් එතන නීතිඥයෝ හැටියට. සාමූහික වගකීමකට බැඳෙන්නේ සිදුවුණු දේකට. සිදු නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට එතන සාමූහික බැඳීමකට වගකීමක් නෑ. මෙතන අද්භූත පත්‍රිකාවක් අනුමත වුණා කියලා මිනිට්ස්වල ඊට පහුවෙනිදා තිබ්බා කියලා අපිට ඒක පිළිගන්න බෑ. එහෙම පිළිගන්නවා නම් මේ රටේ ජනතාවට අපි ආණ්ඩුව හදන්න කලින් කියපු කතා බොරු.” අමාත්‍යවරයා පිළිතුරු දුන්නා.

මේ අතර ඉදිරියේදී වෙනම ගමනක් යෑමට අදහස් කර සිටින්නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇමති විමල් විරවංශ ගෙන් ප්‍රශ්න කර සිටි අතර, ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඒවට කලබල වෙන්න එපා..ඔයගොල්ලන්ට හරි උවමනාවක් තියෙනවා ද ඉක්මනට අපිව එළියට ගන්න. ප්‍රශ්න වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30