එක් නැවකට ගෑස් තොග ගොඩබෑමට අවසර

ලිට්රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා අවසර හිමිව තිබෙනවා.

දෙවනවරට පැමිණි නෞකාවට මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එම සමාගම විසින් පසුගියදා ඇණවුම්කරන ලද ගෑස් රැගත් නැවක් මෙරටට පැමිණි අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනු ලැබුවා.

එහිදී අදාල ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට අනාවරණය වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !