කොළඹ විශ්ව විද්‍යාලයේ අද (17)පැවැති උපාධි ප්‍රධානෝත්සවයේදී කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම විශ්ව විද්‍යාල සිසුන් විසින් ප්‍රතික්ශේප කර ඇත.
මේ හේතුවෙන් උපකුලපති හිමි විශේෂ ආරාධිත අමුත්තකු ලෙස උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වී ඇත.
කුලපතිහිමිගේ පත්වීම දේශපාලන පත්වීමක් බව කියමින් සිසුන් ආනන්ද හිමි අතින් උපාධිය ලබා ගැනීම ප්‍රතික්ශේප කර කුලපතිනිය අතින් උපාධිය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එසේම විශ්ව විද්‍යාල ආරංචිමාර්ග පවසන පරිදි උපාධි උළෙලට පැමිණි ඇතැම් සිසුන් සම්පූර්ණයෙන්ම කලු වර්ණයෙන් සැරසී විරෝධය ඵල කර ඇත.
මින් පෙර අවස්ථාවකදී ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා කුලපති ලෙස සිටින අවස්ථාවකදීද ඔහු විශේෂ අමුත්තකු ලෙස උපාධිප්‍රධානෝත්වයකට සහභාගී වී තිබේ.
නමුත් එසේ වී තිබුණේ සිසු විරෝධතාවක් නිසා නොවේ.
සාමාන්‍යෙයන් විශ්වවිද්‍යාලයක කුලපතිවරයාගේ එකම කාර්යභාරය උපාධි ප්‍රධානෝත්සවයකදී මුලසුන ගැනීම හා උපාධිය පිරිනැමීම වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයාට ඒ අවස්තාවද අහිමි වී යාම විශේෂ සිදුවීමක් බව විශ්වවිද්‍යාල ආරංචිමාර්ග සඳහාන් කරයි.














Chancellor must have the relevant educational qualifications to hold the position. If not, such boycottings take place.