ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන රොෂාන් මහානාම දුන් ඉඟිය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තමාට ආරාධනා කළහොත් කොන්දේසි කිහිපයක් මත භාරගන්නා බව රොෂාන් මහනාම මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු තරග තීරකවරයෙකු වන රොෂාන් මහනාම ඒ බව සඳහන් කළේ ඊයේ (16) කොළඹදී පැවැති වැඩසටහනකදීය.

“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මට භාරගන්න කියලා කිව්වොත් මම ඒ ගැන කල්පනා කරලා බලනවා. මට මීට මාස 3කට නැත්තම් 4කට විතර කලින් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. නමුත් ඒ කාලපරිච්චේදය එවැනි තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් නෙමෙයි.” 

“මම වෙලාව ගත්තා කල්පනා කරලා බලන්න..මේක මම කළයුතු දෙයක් ද කියලා. මොකද මගෙත් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. මොකද මම ඩ්‍රෙසින් රූම් එකක් ඇතුළත වැඩ කරලා නෑ..අන්තිම අවුරුදු කිහිපයේ.” 

“කොහොම වුනත් එන්න නම් මට මගේ කණ්ඩායම අවශ්‍යයි. තනි පුද්ගලයෙකුට ඇවිත් මේ දේවල් කරන්න බෑ. හැබැයි මං ගෙනාවා කියලා මේ ප්‍රශ්න නම් විසඳන්න ලැබෙන්නේ නෑ. අපි ඔක්කෝම එකතුවෙලා වැඩ කරන්න ඕනේ.”

“ක්‍රීඩා ඇමතිට කාර්යභාරයක් තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුද්ගලයින්ට වගකීමක් තියෙනවා ඔවුන් විසින් කළයුතු දේවල් ගැන. නැත්තම් මේවා තාවකාලික විසඳුම්.” 

“මාව දාලා වෙන වැඩ වහගන්න යනවා නම්, ඒක හරියන්නේ නෑ. විවිධ පැතිවලට ඇදලා යන්න බෑ.. මේ ගමන.”

රොෂාන් මහානාම විසින් රචිත ඔහුගේ චරිතාපදාන කෘතිය එළිදැක්වීමේ උළෙලේදී ඔහු මෙම අදහස් පළ කළේය.

මගේ ඉනිම, වේදනාත්මක සමුගැනීමෙන් තීරක ලෙස යළි පිටියට යන මැයින් රචිත රොෂාන් මහානාමගේ චරිතාපදාන කෘතිය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම එළිදැක්වීම ඊයේ සිදුකෙරුණි.

එහි පළමු කෘතිය ඔහුගේ මව වෙත පිළිගැන්වු අතර රොෂාන් මහානාමගේ පළමු පුහුණුකරු වූ නෙල්සන් මෙන්ඩිස් මහතාට කෘතියක් පිරිනැමීමටද එහිදී කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51