ආසියාවේ මැණිකට, ලෝක බලවතුන් අතර තරගයක්

ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ ඇමෙරිකාව අතර ද්වන්ද්ව සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

එම මැණික ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් වෙත ඉදිරිපත් කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

මැණික ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද ලංසු ඉදිරිපත්ව ඇති අතර, ආසියානු රටක් වන චීනය, ආසියාවේ රැජිණ ලෙස නම් කර ඇති මෙම මැණික ආසියාවටම ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකාව ද මෙම මැණික ලබා ගැනීම සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවටයි ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් අනාවරණ වුණේ.

එය වොෂින්ටන් නුවර පිහිටි ලොව ප්‍රමුඛ පෙලේ කෞතුකාගාරයක තැන්පත් කිරීමට ඔවුන් අදහස් කරනවා.

ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන මෙම මැණික රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 06කට පෙර හමු වී ඇති අතර, ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතිනවා.කොරොන්ඩම් සෆායාර් පවුලට අයත් මෙම මැණික කිලෝ 310 ක බරකින් යුක්තයි. එහි කැරට් ප්‍රමාණය ආසන්න වශයෙන් පහලොස් ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි මැණිකේ හිමිකාර ආයතනයේ අධ්‍යක්ෂක චමිල සුරංග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !