රාජ්‍ය සේවක විශ්‍රාම චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ව්‍යාපාර සේවකයින් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඊට අදාල චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙය ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 ක් වන අතර කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අදහස් කරන්නේ නම් සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා සේවයේ රැදී සිටීමට හැකියාව පවතී.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 57 සිට 62 අතර කාලපරිච්ඡේදය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධරයා වෙත මාස 3 ක පූර්ණ දැනුම් දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවය.

එමෙන්ම කාර්යක්ෂමතාව හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් එයට එරෙහිව නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධරයා සතුවෙයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දරන අංක 01/2013 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මෙමගින් අවලංගු වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සදහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුණු ලෝබයෙක් - ආර්යාවෝ තියාගෙන වියදම් කරන්නේ නෑ
03:17
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10