AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

“ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. 

එහිදී, අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇති කරගත යුතු නැති බව පැවසීය. 

රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු වූ බවය. 

පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත්වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටුකිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මිල්ටරීකරණයකට රට ගෙන යනවාද යන්න පිළිබඳ වූ පැනයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?