එළඹෙන උත්සව සමය ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

එළඹෙන උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එකම භාණ්ඩය කිහිපදෙනෙකු ස්පර්ශ කිරීම හේතුවෙන් ද කොවිඩ් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් දැක්වු වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙක් අතේ තැවරුණු පුද්ගලයෙක් එවැනි භාණ්ඩයක් ඇල්ලුවොත් අඩුම ගානේ විනාඩි කිහිපයක් හෝ එම වෛරසය අදාළ පෘෂ්ඨය සක්‍රීය තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. එවැනි තත්ත්වයක් නිසා තමයි අපි කියන්නේ මේ වෙළෙඳසැල්වල බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ දී, පරිහරණය කිරීමේ දී හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් කරන්න ඕනේ. ඒ වගේම තමා මේ කාලය තුළ අධික ජනග්‍රහනයක් සාප්පු සවාරි යන සමයේ අපි මේ මිල දී ගැනීම කළ යුතුම දෙයක් නම් මිසක් අපි මේ අවස්ථාවේ කල්දමන එක වැදගත් වෙනවා. එසේ නොකළහොත් සිද්ධාන්තික වශයෙන් එවැනි අතපත ගෑමක් හරහා වුවත් රෝගයෙන් බෝවීමට හැකියාවක් නැතුවා නොවේ.”

මේ අතර ඊයේ (14) දිනයෙත් මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 762 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම නව ආසාදිතයින් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 576,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 545,768 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් පුද්ගලයින් 15,765 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48