වැගන් ආර්, ටොයොටා වාහන වලට වෙච්ච දේ

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් මෙරට වාහන අලෙවිසැල්වලින් සීයට අනූවකට වඩා වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ප්‍රකාශ කරනවා.

උග්‍ර හිඟයක්

රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් තවත් වසර ගණනාවකට මෝටර් රථ ආනයනය සිදු කිරීමට නොහැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෝටර් රථ ආනයනය නතර කිරීම හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් මිලදි මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී.එච්.ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ වෙළදපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

ලියාපදංචි කළ වාහන මිල

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබා නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව, බැංකු ණය ගෙවීමට නොහැකිය වාහන අළෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙනවා.

ලියාපදංචි කළ වාහන මිලද සීඝ්‍රයෙන් ඉහල ගොස් පාරිභෝගිකයින් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් කුලතුංග මහතා සඳහන් කළා.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් වසරේ මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබුවා.

මුදල් ඇමතිගේ තීන්දුව

ලබන වසර තුලදී රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එමෙන්ම එම වසර තුලදීත් පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම ලබන වසරේදී කිරිපිටි ආනයනය සඳහා ඩොලර් ලබාදීමට නොහැකිවනු ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

මේවන විට මෙරට ආර්ථිකය බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති අතර මේ හේතුවෙන් පසුගිය මාස 4ක කාලය පුරා දැඩි ආනයන සීමා පැනවුණා.

තව වසරක් වාහන නෑ

කෙසේවෙතත් වාහන ආනයනය සඳහා මේ වසර මුලදී පැනවුණු සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් බව රජය පවසනවා.

මේ අතර මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
91
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48