නත්තලට ජනතාව හොඳට අන්දවලා සීනි කවන්න හදන හැටි…

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට ඇසුරුම් වලට පත් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ 13 දිනය පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ මෙම ක්‍රියාවලිය දින කිහිපයක සිට සිදුවෙමින් පවතින බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු විසින් ලබා දුන් තොරතුරක් මත 13 දින පස්වරුවේ එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිීමට පියවර ගෙන තිබේ .
ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිබෝගික ජනතාවට අලවි කිරීම මෙම කූට වෙළෙදුන් ඉතා පහත කිරියාවලියක නිරතවී සිටි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය .රටේ සිනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට මේවායේ ඇසුරුම් සියල්ල දිරා ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇතැම් සීනි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට ම පත්වව තිබූ බව ජාලිය ඕපාත මහතා පැවසීය.තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට යන විටත් සේවකයන් කිහිප දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වා තිබු සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙම සීනි වෙන්කොට කල් ඉකුත්වීමේ දින සහිත නිෂ්පාදන දින වෙනස් කොට ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පත් කරමින් නැවත ඇසුරු කරමින් සිටි බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.
මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටී ව්‍යාපාරිකයන් කියා සිටියේ ආහාරයට සුදුසු ප්‍රමාණය පමණක් ලබාගෙන ඉතිරි සීනි තොග ඉවත් කිරීම් සඳහා සකසමින් සිටි බවය.කෙසේ වෙතත් මෙම ගමබඩාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ආහාර ද්‍රව්‍ය රැසක් ද දැඩි ලෙස අපවිත්‍ර වී එමෙන්ම රෙදි සෝදන සබන් කුඩු වර්ග දියලුණු කොත්තමල්ලි සහල් ආදී එකම ගබඩාවක එකම ගොඩේ ඇසුරුම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව ද නගරාධිපති ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නේය
මෙම ව්‍යාපාරිකයාට මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනතාව පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින පාරිභෝගික භාණ්ඩ ගබඩා කිරීම් අලෙවි කිරීම ආදී සිදු නොකරන ලෙස අවවාද කිරීම් සහ අධිකරණ කටයුතු ක්‍රියා මාර්ග පවා රැගෙන තිබෙන බවත් එහෙත් දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු කරන නිසා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාට දැනුම් දී පොලිසියේද සහය ලබාගෙන මෙම සීනි තොගය මහජනතාවට අලෙවි කිරීමට සූදානම් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය
මෙම ව්‍යාපාරිකයන් කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ මෙම සීනි ගබඩාව තුළ තිබියදී දිය වී ඇති බව ය .එම නිසා ඇසුරුම් ඉවත් කොට වෙනත් රටක ඇසුරුම් වලට යෙදුවේ ඉන්දියාවේ ඇසුරුම් නොමැති නිසාවෙන් බව ය. කෙසේ වෙතත් එම් සීනි තොග ආහාරයට ගැනීමට සුදුසු වේවා පමණක් අලෙවි කරන බවද මෙම ගබඩාවේ එවැනි සීනි කිලෝ දහදාහක් පමණ පවතින බවයි.
පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ගබඩාව පරීක්ෂා කිරීම් කටයුතු සිදු සිදුකරන්නට විය.
ගබඩා හිමිකරුවන් නැවත මෙම වරද සිදු නොකරන බවත් එම නිසා සමාවක් ලබා දෙන ලෙස එහි සේවකයෝ පොලිසියෙන් කළ ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සීනි ආහාරයට ගනිද්දී සෝදා පරිභෝජනය නොකරන බවය .වෙළදාමකිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් බව ද පොලීසිය මෙම ව්‍යාපාරිකයාගේ සේවකයන්ට තරයේ අවවාද කරන්නට විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27