පාරිභොගිකයන් නොමග යැවූ සහල් මඟඩිය

පාරිභෝගිකයන් නොමග යවමින් විදේශීය සහල් මෙරටදී දේශීය සහල් බවට පත් කිරීමේ මහා ජාවාරමක් කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
ඉන්දියාවෙන් ගෙන්වනු ලබන නාඩු වර්ගයක් ඇසුරුම් ඉවත් කර දේශීය සහල් වර්ගවල නම් සඳහන් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීම සිදුකර තිබුණේ නිකවැරටිය නගරයේ ප්‍රසිද්ධ තොග වෙළඳසලක් මගින්.
පාරිභෝගික නිලධාරීන් යනවිටත් මිල්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සහල් ඇසුරුම්හලක් තුළ මෙම ව්‍යාජ ඇසුරුම් වලට සහල් අසුරමින් තිබුණා.
එම අවස්ථාවේ දී සහල් තොගයේ හිමිකරු ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ අතර ඒ අනුව නිකවැරටිය පැරණි රෝහල පාරේ පිහිටි ගබඩාවක සහ මහව පාරේ පිහිටි අලෙවිසලක ගබඩා කර තිබූ ව්‍යාජ ඇසුරුම් සහිත සහල් මිටි 1010ක් අත්අඩංගුවට ගනු ලැබුවා. වෙළඳසලේ හිමිකරු සහ සහල් තොගය 14 දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.