ශ්‍රී ලංකාව තුල බාලවයස්කරුවන්ට මරණදණ්ඩනය නියම කර දඩුවම් නොකල යුතු බවට වන විධි විධාන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 281 වන වගන්තියේ ඇතුලත් නොවන බැවින් එය නිවැරැදිව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධිකරණයේ මතය අනූව වරදක් සිදුකරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩුනම් වැරදිකරුට එරෙහිව මරණීයදණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකල යුතු බවට සදහන් කරමින් දණ්ඩනීති සංග්‍රහයේ 53 වගන්තිය සංශෝධනය කිරීම සදහා රජය මීට පෙර කටයුතු කර තිබුණා.
කෙසේවෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතුලත් කරුණු වල පවතින අසමානතාව සැලකිල්ලට ගනිමින් දණ්ඩනීති සංග්‍රහයට අනූව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබී තිබුණා.




