ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් බැංකු වලින් ගත් තීරණය

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට භාවිත කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් (ණයවර පත්) 62,000ක් බැංකුවලින් අවලංගු කර තිබෙනවා.

එහෙත් එම අවලංගු කිරීමත් සමග වුවද නව කාඩ්පත් නිකුත් කිරීම් හේතුවෙන් 2021 සැප්තැම්බර් මාසයේ මෙරට භාවිත වූ දහඅට ලක්ෂ පනස් හයදහස් එකසිය අනූ එකක් වූ ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව නොවැම්බර් මාසය අවසන් වනවිට දහඅට ලක්ෂ අනූහතර දහස් එකසිය විසි අට දක්වා 37,937කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවලංගු කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත් අතුරින් 150ක් දේශීයව පමණක් භාවිත කළ හැකි කාඩ්පත් වන අතර, ඉතිරි සියල්ලම දේශීය සහ විදේශීය පිළිගැනීමක් සහිත කාඩ්පත් වනවා.

මෙලෙස අවලංගු කිරීම් සිදු වුවද 2021 ඔක්තෝබර් මස අවසන් වනවිට මෙරට භාවිත කෙරෙන සියලුම ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ ශේෂය රුපියල් බිලියන එකසිය විසි හතරයි දශම දෙක දක්වා වර්ධනය වී තිබෙනවා.

එම අගය සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 121ක් විය. 2020 වසර අවසානයේ මෙරට භාවිත කෙරුණු ක්‍රෙඩිට් කාඩ්පත්වල සමස්ත ශේෂය රුපියල් බිලියන 117ක් වුණා.

මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් විශාල වශයෙන් අවලංගු වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ සිදු කෙරෙන පැහැර හැරීම් සහ අන්තර්ජාලය ඔස්සේ කාඩ්පත් හරහා සිදුකළ හැකි ගෙවීම් (ඩොලර් ගෙවීම්) සීමා කිරීම බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36