AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් නෑ.. ආනයන තව දුරටත් සීමා කරයි..- මුදල් ඇමති දන්වයි..

රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා 13 රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .

තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත

මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11

?