මහනුවර සුව කාර්යාලයේ මහා මුදල් වංචාවක්

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් මිලියන 50කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ වංචාව පිළිබඳව විගණන පරීක්ෂණ මගින් කරුණු හෙළි වීමෙන් පසුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා තබා ඇත.

එම කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙකු ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

අදාළ මූල්‍ය වංචාව වසර 5ක පමණ කාලයක සිට සිදුකර තිබෙන බව හෙළිව ඇත.

පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කෙරුණු අතිවිශාල මුදලක් වංචා කර තිබෙන බවට තමන්ට ද කරුණු වාර්තා වී තිබෙන බව ත් ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බව ත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36