හැමෝම කතාවෙන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති රෙනෝල්ඩ් ධූමකේතුව එළැඹෙන 18වැනිදායින් පමණ පසුව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් දෙනෙතියක් ආධාරයෙන් මෙම ධූමකේතුව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සූරියත් පෘථිවියත් අතර පවතින දුර මෙන් 35,000ක දුරක සිට මෙම ධූමකේතුව පැමිනෙන බවත් ඉතාම අධික වේගයකින් ගමන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා

“මේ ධූමකේතුව ලංකාවේ අපට පියවි ඇසට පෙනෙන්නේ නෑ. සමහර රටවල්වලට ඉතාම අපහසුතාවයෙන් දැක ගන්න පුලුවන්කම තියෙනවා. හොඳ තද කළු අහසක් තිබෙන අවස්ථාවලදී. 17වනදායින් පසුව වගේ මෙය දැක ගැනීමේ අවස්ථාව උදා වෙන්න පුලුවන් පියවි ඇසටත්. මේ වසරේ දැනට තිබෙන හොඳම ධූමකේතුව තමා මේක. මේ වසරේ මුල් කාලයේදී තමා මේක සොයා ගත්තේ “

“මේකේ තියෙන විශේෂත්වය තමා මේක නැවත එන ධූම කේතුවක් නෙමේ. සූර්යයා වටා ආවා ගියා. සූර්යයත් පෘථිවියත් අතර තිබෙන දුර වගේ 35,000ක් දුර ඉදලා මේක එන්නේ. ඒ වගේම මේ ධූමකේතුව ඉතාම අධික වේගයකින් එනවා. තත්ත්පරයට කිලෝ මීටර් 50ත් 70ත් අතර වේගයක්.” 

“බටහිර අහසේ නිරිත දිගට වන්නට හිරු බැස ගිහින් විනාඩි 30කට පමණ පසුව නැරඹීම ඉතාම සුදුසුයි. නමුත් පියවි ඇසට පෙනෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ජනවාරි මාසේ මුල දක්වා අපිට මෙය නිරික්ෂණ කරන්න පුලුවන් මොකද ජනවාරි 3 තමා සූර්යයාට ඉතාම ආසන්නයෙන් මේක ගමන් කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26