ඉදිරි වසරේ වෙන යෝධ සංවර්ධනය….

ලබන වසරේ, එනම් 2022 වර්ෂය තුළ මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක් ක්‍රියාත්මක වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.නාවලපිටිය පිහිටි අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

වසර 5ක් පුරා අහිංසක ජනතාවට පිං පඩියක් හෝ සකසා දෙන්න බැරි වු පුද්ගලයින් ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හලමින් ආණ්ඩු බලය අල්ලා ගැනීමට හීන දකින බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ ආණ්ඩුව බලයට පත්වෙලා අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් වුණේ මාස හතරයි. මුළු ලෝකයම බිල්ලට ගත්ත කොරෝනා රෝගය අපේ රටත් බිල්ලට ගත්තා. නමුත් රටේ ජනතාවට මැරෙන්න නොදී රජය අනෙක් වැඩ සියල්ලට පෙර ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය එන්නත්කරණය පටන් ගත්තා.

දැන් අපි ඒකෙන් ලෝකයේ දියුණු රටවල් අභිබවා ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ලබන වසරේ නැවතත් අපේ රටට හොඳ කාලයක් උදාවෙනවා. විපක්ෂයත් විශේෂයෙන් ජවිපෙත් මේකට බයේ කොල්ලෝ කෙල්ලෝ දාලා සමාජ මාධ්‍ය හරහා නොයෙක් මතවාද සමාජගත කරන්න හදනවා. මේවාට රැවටෙන්න එපා. විශේෂයෙන් අපේ ප්‍රාදේශීය සභාවල නගර සභාවල මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂ කියන ඒවා අහල විපක්ෂය තැන තැන කරන දේවල් දැකලා ආණ්ඩුව ගැන කලකිරෙන්න එපා.
ඒ අයට ඕනේ තමුන්නාන්සේලා මානසිකව වට්ටලා රට අරාජික කරන්නයි. මේ වසරේ විශාල මුදලක් ගමේ සංවර්ධනයට ලැබිලා තියෙනවා. ගමේ ජනතාව සමඟ ඒ මුදල් යොදා ගෙන නැවත ගම හදන්න සුදානම් වෙන්න. ගමට ගිහින් ජනතාව හමුවෙලා ඔවුන්ට කතා කරලා අලුතින් ආයේ ගමන යන්න පටන් ගන්න.”

පොහොර ප්‍රශ්නය සමග තමන්ට මාධ්‍ය හරහා නොයෙක් ආකාරයෙන් උපහාස මඩ ප්‍රචාරයන් කළ බවත්, ඒවාගෙන් පන්නරයක් ලබා ගත්තා මිස මානසිකව තමන් කඩා නොවැටී රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26