AFC Banner
Empty Ad
Empty Ad

විදේශිකයන්ට එන්නත් සහතිකය අනිවාර්‍යයි….

බ්‍රසීලයට පැමිණෙන විදේශිකයින්ට රට තුළට ඇතුළු වීමට කොවිඩ් 19 එන්නත් සහතිකයක් ලබා දිය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයන් සඳහා ඍණාත්මක පීසීආර් පරීක්ෂණයක් පමණක් ඉල්ලා එරට ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් මීට පෙර නිකුත් කරන ලද රෙගුලාසි මෙම තීන්දුව මගින් බල රහිත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය වලක්වාගැනීමේ අරමුණ ඇතිවයි බ්‍රසීලය මෙම පියවර ගෙන ඇත්තේ.

මෙය එරට ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ට අත්වූ තවත් පරාජයක් ලෙසයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.මෙතෙක් එන්නතක් ගෙන නොමැති ජනාධිපතිවරයා විසින් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට දැඩි විරෝධයක් දක්වා තිබීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?