ජල කප්පාදුවක්….

අද (12) පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගඟ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නල මාර්ගයෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව දියගඟ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?