බොරැල්ලේ සිදුවූ රන් මංකොල්ලය

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලඳ පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ස්වර්ණාභරණ වෙළෙඳසැළක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණ ඇති මෙම සැකකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස කොල්ලකෑමට ලක්වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැළක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.