කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරියේ දී වයස අවුරුදු 20න් ඉහළ අයවරුන්ට ද වර්ධක එන්නත ලබාදීමට කටයුතු සූදානම් බවයි.
මේ අතර වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම දැන් ක්‍රියාත්මකව ඇත.
වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ වූ අතර, එය, සති දෙකක් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
එමෙන්ම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා වර්ධක මාත්‍රාව නියත වශයෙන්ම රැකවරණයක් සලසන බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කර ඇත.
එමෙන්ම තුන්වන මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය සියයට 75කින් පමණ වළක්වන බවයි ඔවුන් කළ අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ.