AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ආයතනවලට අලුතෙන් දෙන්න යන වාහන ගැන ඉඟියක්

රාජ්‍ය ආයතනයන්හි විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතා කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙම වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය .

ප්‍රවාහන ක්ෂේත්‍රයට පුනර්ජනනීය විදුලිය භාවිත කිරීම හා ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා පත්කළ පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් ප්‍රවාහන ප්‍රවර්ධන අනුකමිටුව රැස්වූ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතා මේ බව කීවේය.

පුනර්ජනනීය බලශක්ති හා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම එක් අංශයකට පමණක් සීමා නොවී සමස්ත රටටම පොදු වැඩසටහනක් බවට පත්විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

විදුලි වාහන ආනයනය කිරීමේ දී ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑ අවශ්‍යතා මොනවාදැයි හඳුනා ගැනීම වැදගත්බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුවේ ආයතනවල පවතින ගමන් බිමන් සඳහා මෙම වාහන ගැළපෙන්නේද, අවශ්‍ය දුර ප්‍රමාණය ඉන් ගමන් කළ හැකිද, ඒ සඳහා දැනට ලෝකයේ වාහන නිෂ්පාදනය වෙලා තිබේද ආදිය මෙහිදී සොයාබැලිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම විදුලි වාහන ගෙන්වන්නේ නම් බදුවලින් නිදහස් කිරීම හෝ මුදල ඩීසල් වාහනවලට වඩා අවම විය යුතු යැයි ද දුමින්ද දිසානායක මහතා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?