AFC Banner
Empty Ad
Empty Ad

නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙක් ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති වී. ජී. ඩී. ඒ. කරුණාරත්න මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. යූ. වී. ගුණරත්න මහතාට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි ආවරණය සඳහා පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්. එම්. සේනාරත්න මහතා නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස් තනතුරේ සිට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.

මේ අතර කිළිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ මහතා පොලිස් මූලස්ථානයේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?