නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙක් ට හදිසි ස්ථානමාරු

නි‍යෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මහජන ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව, නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති වී. ජී. ඩී. ඒ. කරුණාරත්න මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ඊ. එම්. යූ. වී. ගුණරත්න මහතාට ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරි ආවරණය සඳහා පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්. එම්. සේනාරත්න මහතා නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස් තනතුරේ සිට මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.

මේ අතර කිළිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ජේ. එස්. වීරසේකර මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ මහතා පොලිස් මූලස්ථානයේ සිට නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කළ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55