පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා නබි තුමන් සම්බන්ධ තොරතුරු ඇතුළත් පෝස්ටරය ගලවා ඉවත් කළේ, එහි තිබූ දේ පිළිබඳව නොදැන බව ඔහු බේරා ගැනීම සඳහා දැඩි උත්සහයක් දැරූ අද්නාන් මලික් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, අදාළ පෝස්ටරය උර්දු බසින් තිබූ අතර ප්‍රියන්ත කුමාර මහතා උර්දු බස දැන නොසිටි බව ය. මේ පිළිබඳව විරෝධතාකරුවන්ට තේරුම් කර දීමට තමන් දැඩි උත්සහයක් ගත්ත ද ඔවුන් එය පිළිනොගත් බව අද්නාන් මලික් මහතා පැවසීය.
පසුව විරෝධතාකරුවන්ගේ පහර දීම්වලින් බේරීම සඳහා ප්‍රියන්ත කුමාර මහතා එම ගොඩනැගිල්ලේ වහලය මතට දිවගොස් සූර්ය පැනල අතරට ගොස් ආරක්ෂා වීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ වූ බව අද්නාන් මලික් පවසයි.
තමන් හේතු දෙකක් නිසා ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීමට උත්සහ කළ බව ඔහු සඳහන් කළේ ය. එම හේතු දෙක වන්නේ, ප්‍රියන්ත කුමාර මනුෂ්‍යයෙකු වීම ත්, පකිස්ථානය පිළිබඳව ලෝකයේ මිනිසුන් තුළ නරක අදහසක් ඇති වීම වැළැක්වීම ත් බව ද අද්නාන් මලික් ප්‍රකාශ කළේ ය.














kohomada ban oya kalabala asse ochara deyak hithune meka kale hoda wedak den janapriya misa boru kiyanwa kanagatui malik andar awankwa jiwath wenna