දුම්රිය වර්ජනයක් අත ළග….

දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් නො ලැබීම සහ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳු දා සිට වර්ජනයකට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළේ, එදිනට අනුරාධපුර සහ කන්කසන්තුරය අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයේ නිරත වන බවයි.

ගැටලුවට විසඳුම් නො ලැබුණ හොත් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය කාර්යාල සේවකයින් ලබන 26 වැනි දා වර්ජනයකට එළඹෙන බවයි, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?