අධිකරණයට රජය බලපෑම් කළා නම් ඔප්පු කරන්න…

පවත්නා ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුවට කිසියම් හෝ අනිසි බලපෑමක් කර ඇත්නම් ඔප්පු කලහොත් ඇඳුම් නොමැතිව ගෙදරයාමට සූදානම් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණයෙන් පවසා සිටිනවා.

අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

නීතිපතිවරයා ප්‍රමුඛ සමස්ත නීතිපති දෙපාර්තමේන්තුව සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට අද වනවිට ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන ආයතනයක් බවටයි මුජිබුර් රහුමාන් මහතා චෝදනා කර සිටියේ.

එයට පිළිතුරු ලෙසින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසා සිටියේ එවන් කිසියම් හෝ අනීතික අනිසි බලපෑමක් සම්බන්ධව හරි ආකාරව ඔප්පු කලහොත් තමන් කලිසම නොමැතිව ගෙදර යෑමට සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10