සිලින්ඩරයේ දිනය පරීක්ෂා කර ගෑස් මිලදී ගන්නැයි ඉල්ලීමක්

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදි එහි මුදුනත ඇති වෑල්වය වසර පහක් ඇතුළත වෙනස් කර ඇත්දැයි සැළකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගෑස් සිලින්ඩරයද වසර පහක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කළ යුතුයි.

ඒ අනුව, ගෑස් මිලදී ගැනීමේදී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි, ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

බලශක්ති විශේෂඥයෙකු වන අනිල් ද සිල්වා මේ බව සඳහන් කළේ, ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(09) දිනයේ නව ඇසුරුම සහිත ගෑස් සිලින්ඩරයක් පුපුරායාමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මතභේදාත්මක ගෑස් කාන්දුවීමේ සිද්ධීන් වාර්තාවීමෙන් පසු දිවයින පුරා ගෑස් බෙදාහැරීම පසුගිය සතියේ තාවකාලිකව නවතා දැමුණා.

යළි පසුගිය පස්වනදා සිට එම සැපයුම යථා තත්වයට පත් කරනු ලැබුවේ මෙරටට පැමිණි නව ගෑස් අඩංගු නෞකාවේ ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසුවයි.

එමෙන්ම, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වල ගෑස් ඇසුරුම් පාරිභෝගික අධිකාරියේ ඍජු මැදිහත්වීමෙන් වෙනස්කම්වලට ලක් කරනු ලැබුවා.

කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ, එම ක්‍රියාවලිය තවදුරටත් සූක්ෂමව සිදුකළ යුත්තක් බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ගෑස් සිලින්ඩරයේ වෑල්වය නිසි ප්‍රමිතියෙන් යුක්තදැයි පරීක්ෂා කිරීමේ හැකියාවක් තම අධිකාරිය සතුව නොමැති බවයි.

ඊට අදාළ ප්‍රමිතීන් කඩිනමින් සකස් කරන්නැයි අද දිනයේ ශ්‍රී ප්‍රමිති ආයතනයට දැනුම් දෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කළා.

එමෙන්ම ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ අපරික්ෂාකාරී ලෙස ගෑස් සිලින්ඩර බෙදාහැරීම යන චෝදනා යටතේ ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය සූදානම් වනවා. ඊට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10