සිලින්ඩරයේ දිනය පරීක්ෂා කර ගෑස් මිලදී ගන්නැයි ඉල්ලීමක්

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේදි එහි මුදුනත ඇති වෑල්වය වසර පහක් ඇතුළත වෙනස් කර ඇත්දැයි සැළකිලිමත් වන ලෙස බලශක්ති විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගෑස් සිලින්ඩරයද වසර පහක් ඇතුළත ප්‍රමිතිය පරීක්ෂා කර තහවුරු කළ යුතුයි.

ඒ අනුව, ගෑස් මිලදී ගැනීමේදී සිලින්ඩරයේ සටහන් කර ඇති දිනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි, ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

බලශක්ති විශේෂඥයෙකු වන අනිල් ද සිල්වා මේ බව සඳහන් කළේ, ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(09) දිනයේ නව ඇසුරුම සහිත ගෑස් සිලින්ඩරයක් පුපුරායාමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මතභේදාත්මක ගෑස් කාන්දුවීමේ සිද්ධීන් වාර්තාවීමෙන් පසු දිවයින පුරා ගෑස් බෙදාහැරීම පසුගිය සතියේ තාවකාලිකව නවතා දැමුණා.

යළි පසුගිය පස්වනදා සිට එම සැපයුම යථා තත්වයට පත් කරනු ලැබුවේ මෙරටට පැමිණි නව ගෑස් අඩංගු නෞකාවේ ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසුවයි.

එමෙන්ම, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වල ගෑස් ඇසුරුම් පාරිභෝගික අධිකාරියේ ඍජු මැදිහත්වීමෙන් වෙනස්කම්වලට ලක් කරනු ලැබුවා.

කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ, එම ක්‍රියාවලිය තවදුරටත් සූක්ෂමව සිදුකළ යුත්තක් බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ගෑස් සිලින්ඩරයේ වෑල්වය නිසි ප්‍රමිතියෙන් යුක්තදැයි පරීක්ෂා කිරීමේ හැකියාවක් තම අධිකාරිය සතුව නොමැති බවයි.

ඊට අදාළ ප්‍රමිතීන් කඩිනමින් සකස් කරන්නැයි අද දිනයේ ශ්‍රී ප්‍රමිති ආයතනයට දැනුම් දෙන බව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සඳහන් කළා.

එමෙන්ම ගෑස් සංයුතිය වෙනස් කිරීම සහ අපරික්ෂාකාරී ලෙස ගෑස් සිලින්ඩර බෙදාහැරීම යන චෝදනා යටතේ ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය සූදානම් වනවා. ඊට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?