ලබන වසරේ ක්‍රියාත්මක වැදගත් තීරණ කිහිපයක් ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

ලබන වසර තුලදී රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එමෙන්ම එම වසර තුලදීත් පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

එමෙන්ම ලබන වසරේදී කිරිපිටි ආනයනය සඳහා ඩොලර් ලබාදීමට නොහැකිවනු ඇති බවද මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.

මේවන විට මෙරට ආර්ථිකය බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති අතර මේ හේතුවෙන් පසුගිය මාස 4ක කාලය පුරා දැඩි ආනයන සීමා පැනවුණා.

කෙසේ වෙතත් වාහන ආනයනය සඳහා මේ වසර මුලදී පැනවුණු සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් බව රජය පවසනවා.

මේ අතර මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මේ අතර, ඊයේ සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14