උප්පැන්න සහතියෙන් ජාතිය ඉවත් කරන්න ඉල්ලීමක්…

ශ්‍රී ලංකාවේ දැනට නිකුත් කරන උප්පැන්න සහතිකයේ දරුවාගේ ජාතිය සඳහන් නොකර සිටීමට හැකියාවක් තිබේදැයි විමසා ලබන පෙබරවාරි මස 17 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද දැනුම් දුන්නා.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් එම කරුණු විමසීම සිදුකරන ලෙසයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණයක් බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද සළකා බැලුණු අවස්ථාවේදී මෙම දැනම්දීම සිදුකෙරුණා.

සිය පුත්‍රයාගේ උප්පැන්න සහතිකය තුළ ජාතිය ඇතුළත් නොකරන ලෙස කරන ලද ඉල්ලීමක් හේතුවෙන් එම උප්පැන්නය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු එලෙස රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ සිය පුත්‍රයාගේ උප්පැන්නය ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි ජාතිය සඳහන් වන ස්ථානයේ කිසිවක් සඳහන් නොකර හිස්ව තබන ලෙස තමා රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එම ඉල්ලීම වගඋත්තරකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ සඳහන් කලා.සිය ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ටාර් ජෙනරාල්වරයා ගත් තීරණය යුක්ති සහගත නොවන බවත් එය ඔහුට පැවරී තිබෙන බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවත් රිට් පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.ඒ අනුව සිය පුත්‍රයාගේ උප්පැන්නය ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58