අන්තර්ජාතික අපරාධකරුවෙක් කටුනයකදි දැලේ

රතු වරෙන්තු ලබා ජාත්‍යන්තර පොලීසියට අවශ්‍යය ව සිටි බ්‍රසීල ජාතික තරුණියක ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඇයව බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත් බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සදහන් කලේ.ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මෙම වරෙන්තුකාරිය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සිටියදී ඇය තායිලන්තය වෙත පැන ගොස් ඇති තිබෙනවා.

ඒ අනුවයි ජාත්‍යන්තර පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතුවරෙන්තුවක් නිකුත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්