අදානි මන්නාරමටත් බැල්ම දමයි

ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති අතර එම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය මෙරටට ලබා ගන්නේ ශී‍්‍ර ලංකා විදුලි (සංශෝධන)) පනතට ප‍්‍රකාරවය.

2030 වසර වන මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පරිසරයට හිතකාමී සුනිත්‍ය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් ලබා ගැනීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන අතර ඒ අනුව සුළං සූර්ය සහ එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු* බලාගාර සඳහා ප‍්‍රමුඛත්වය දීමට පියවර ගෙන තිබේ.

මන්නාරම ප‍්‍රදේශයේ පවතින සුළං මගින් මෙවැනි විශාල සුළං බලාගාර ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාවට මුදල් නොමැති නිසා මේ ආකාරයට විදේශ ආයෝජන මත බලාගාර ඉදිකිරීමේ වරදක් නොමැති බවත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී එම බලාගාරවල මෙහෙයුම් කටයුතුවල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුවිය යුතු බවත් ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට මෙරට විදුලි ඉල්ලූම සපුරා ගැනීම සඳහා වියදම් අධික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා ලංවිම රුපියල් කෝටි 90,000 ක පමණ පාඩුවක් ලබා සිටින බැවින් අඩු වියදම් සහිත බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ද ඔවුහු කියා සිටිති.

ඞීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 25, 30 වැනි මුදලක් වැය වන අතර සුළං බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 15 කට පමණ නිපදවාගත හැකි බව ද ඉංජිනේරුවෝ සඳහන් කරති.

වැඩි මිල ගණන්වලට විදුලි ඒකක මිලදී ගෙන ඊට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් වෙත විදුලිය විකිණීමට සිදුව තිබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන අතර 2030 වනවිට පුනර්ජනනීය ප‍්‍රභවයන් මගින් සියයට 70 ක් විදුලිය ලබාගත හැකි නම් එමගින් වාර්ෂිකව රටට රුපියල් කෝටි 500 ක් ඉතිරි වන බවට ගණන් බලා තිබේ.

ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය ද එම සමාගමට ලබාදීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29