ගෑස් පිපුරුම් අස්සේ කාබනික පොහොර කෑන් පුපුරායි

ගොවීන්ට බෙදාහැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම් පදවිය ප්‍රදේශයේ ගොවීන්ට බෙදාහැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් 06 වැනිදාය.

කාබනික දියර පොහොර සහිත ලීටර් හතරේ කෑන් හයක් පුපුරා ගොස් ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා ඇති අයුරු දැක ඇති බව තමන්ට දැනුම් දුන් බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.

මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.

කාබනික දියර පොහොර නිසියාකාරව පදම්කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යන්නට ඇති බවත්, කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.

මේ සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය පියවරක් ගනු ඇතැයිද පැවසේ.

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑම සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තමා දැනුවත් කර නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ ඊයේ (08 වැනිදා) සවස කීවේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම්දී ඇත්තේ එම දියර පොහොර ගොවීන්ට බෙදාහරින ලෙස බවත්, ඇතැම් විට කාබනික පොහොර කෑන්වල පීඩනයත් සමග ගෑස් වැනි යමක් පිටවෙන බවට සැක කළ හැකි බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ගබඩා කිරීමේදී පවතින උෂ්ණත්වයත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔහු කියයි.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා කටයුතු කරන බවද,පරිසර හිතකාමී අයුරින් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා ගියත් ඉන් හානියක් සිදු නොවන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යෑම පිළිබඳව පදවිය පොලිසියද පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

පදවිය ප්‍රදේශයේ නිවාස කීපයක තිබූ දියර පොහොර කෑන් කීපයක්ද පුපුරා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.කුමාරසිරි සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42