රට වසා දමනවාද? – ඇමැතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.                                                      

හතරලියද්ද ප්රදේශයේ මාර්ග සංවර්ධන වැඩසටහනකට ඊයේ (08) සහභාගි වූ ඒ මහතා ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළා.                                                                                                                 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

“කොවිඩ් රෝගය හමුවේ මේ වන විට මුළු ලෝකයම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් මත රට විවෘත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපත් ඒ ක්‍රමයටම අනුගත වීම තමයි දැන් සිදු වන්නේ. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කළ යුතුයි. රජයේ සේවකයන්ට රජයෙන් යම්කිසි දීමනාවක් ලැබුණත් අනෙකුත් සාමාන්‍ය ජනතාව මේ කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ඒ අය සම්බන්ධයෙන් අපි යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ වෙතත් මෙම රෝගය වැළැක්වීම සඳහා රජය ලබා දෙන එන්නත් දෙකම සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. සෞඛ්‍ය හා අදාළ සියලු අංශ එක්ව 09 වෙනිදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. මෙහිදී අපි ඔමික්‍රෝන් වෛරසය සම්බන්ධයෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සංචාරක කර්මාන්තය, ගුවන්තොටුපල ඇතුළු අදාල අනෙකුත් අංශ පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගන්නවා.”

“මේ කෙසේවෙතත් රට විවෘතව තබා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව. මේ වන විට යම් කිසි ගැටලුවක් තිබෙනවා ඔමික්‍රෝන් වෛරසය සහිතව ලංකාවට පැමිණි කාන්තාව සම්බන්ධයෙන්. ඇය කිසිඳු එන්නතක් ලබා නොගත් අයෙක් බවට වාර්තා වෙනවා. මේක ගැටලුකාරී තත්ත්වයක් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කර ඒ අවශ්‍ය කටයුතු තීන්දු තීරණ ගත යුතුයි. යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. කෙසේ වුවත් කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙක ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නව නීති මේ වන විට සැකසෙමින් පවතිනවා. අවශ්‍ය අයට ඒ එන්නත් දෙකම ලබාගත් බවට සහතික කළ කාඩ් පත ලබා ගන්න පුළුවන්. ඇප් එකක් ඒ සඳහා නිර්මාණය කර තිබෙනවා එමගින් එම කටයුත්ත කරගන්න පුළුවන්. ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම මේ කාඩ් පත අවශ්‍ය වේවි. ඉදිරි උත්සව කාලයේ දී වුවත් සීමාවන් පැනවීමට අප බලාපොරොත්තු වන්නේ නෑ. අපි හිතන්නේ දැන් සීමාවන් පැනවීමේ සීමාවක් තිබිය යුතුයි කියලයි. පාසල් ඇතුළු සෑම දෙයක්ම ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ රටේ සියලු දෙනාටම බූස්ටර් එන්නත ලබාදීමට අපි කටයුතු කරනවා. රජය කොපමණ උත්සාහ කළත් ජනතාව ඒ සඳහා සහාය ලබා දෙන්නේ නැත්නම් මේ කිසිවක් කරන්න බෑ. රටේ ජනතාව මේ තත්ත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය අනුකූලව කටයුතු කළොත් අපිට සෑම දෙයක්ම ජය ගන්න පුළුවන්.” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42