කොරෝනා නිසා මව්පියන් අහිමි වූ දරුවන්ට ලැබෙන දේ

කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට සැලසුම්කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ කර ඇති බව සඳහන්.

“ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” යටතේ මෙම ශිෂ්‍යත්වය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සඳහා ඉල්ලුම් කිරීමට පහත දැක්වෙන ආකාරයට අයදුම්පත් සකස් කලයුතු වනවා.

  • මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත
  • දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත
  • මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය
  • දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය සමඟ අයදුම්පත්

ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර “කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම” ලෙස සටහන් කිරීම කල යුතුයි.

අයදුම්පත එවිය යුතු ලිපිනය වන්නේ ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01වේ.