කොරියාවේ රැකියා කරන්න යන ඔයාට සුබ පුවතක්

තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබේ.

2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම කොරියානු රජය විසින් අත්හිටුවා තිබුණි.

ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු ඊයේ (07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

එම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂක Kim Won Seok මහතා, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන් තොටුපොළ) ජගත් බටුගෙදර යන මහත්වරුන් එක්ව සිටියහ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42