පොලිසියෙන් සිදුවන හිරිහැර වළක්වන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්…

ශ්‍රී ලංකා පොලීසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදුකරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.

පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව බැලූ බැල්මටම එහි නඩු නිමිත්තක් පවතින බව තීන්දු කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත්කරන ලෙසට ද නියෝග කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පොලිස්පතිවරයා ඇතුළු පිරිසට ගරු අධිකරණය විසින් නියෝග කළේය.ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, තමරා ඇන්ඩ්‍රියා, අනුෂා ශ්‍යාමි ඩේවිඩ් සහ ගෞරි පොන්නයියා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක සහ නීතිපතිව නම්කර තිබේ.

2018 පොලිස් වාර්තා අනුව සමලිංගික පුද්ගලයින් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බවත්, 2016 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයේදී කිසිදු හේතුවක් නොමැතිව පොලීසීය විසින් සමරිසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ හිරිහැර සිදුකර ඇති අතර පොලිස් අත්අඩංගුවේදී ඔවුන් දූෂණයට පවා ලක් ව ඇතැයිද පෙත්සම්කරුවන් පැවසීය.සමරිසි ප්‍රජාව පිළිබදව මහජනතාව නොදැනුවත්වීම සහ වැරදි සහගත සමාජ මතවාදයන් මීට ප්‍රධාන හේතුව වී ඇතැයි ඔවුන් සිය පෙත්සමින් කියා සිටී.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, සමරිසි පිරිස්වලට සිදුවන හිරිහැර වළක්වාලන රිට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිකුත්කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42