එක්කෝ පුපුරලා ඉවර වෙන්න ඕනේ නැත්ත ගෑස් ඉවර වෙන්න ඕනේ….

ගෑස් ප්‍රශ්නය සම්බන්ධව අද දිනයේ ද මැති සබයේ විවිධාකාරයේ කථා බහ ඇති වූවා.

දෙසැම්බර් 04 වනදාට පෙර වෙළඳපලට නිකුත් කළ – මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියේ මෙලෙසින්.

ලිට්ට්‍රෝ සමාගම නැවත බාර ගන්නේ මුද්‍රා නොකඩපු ඒවා පමනයි.
ඉතින් තමුන්නාසේලා හිනවාද බිත්තර රකිනවා වගේ ගෑස් ගෙදර මිනිස්සු තියා ගන්නවා කියලා, නැහැ.පෝළිමේ ඉදලා අරන් එන්නේ ගෙනාපු ගමන් උයන්න බලාගෙන.

ඒ නිසා ගෙවල් ඇතුලේ පිපිරීම් ගැන තවම සැකයක් මතුවෙනවා.
එක්කො පුපුරලා ඉවර වෙන්න ඕනේ ,නැත්නම් ගෑස් ඉවර වෙන්න ඕනේ වගේ තීරයනකට ඔබතුමන්ලා මේ ඇවිත් ඉන්නෙ. “

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ගෑස් පාරිභෝගිකයන් තුළ පවතින සාධාරණ බිය තුරන් කර ඊට විසඳුමක් දීමට ආණ්ඩුව මේවනවිටත් අපොහොසත්ව ඇති බවට ආණ්ඩුවට චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?