Empty Ad
AFC Banner
AFC Banner

අද විදුලිය කැපෙන හැටි…

අද (08) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ පස්වරු 06 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකරන බවය.විදුලි කප්පාදුව සිදුකරන ප්‍රදේශ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර අවශ්‍යතාවය අනුව එය සිදුකිරීමට නියමිත බව වැඩි දුරටත් ඔහු පැවසීය.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා පසුගිය 03 වනදා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටීමට ලක්වුණි.

එම බලාගාරයෙන් සපයන පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍යට පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙන්තර මුහුදේ විනෝදයට නාන්න ගිහින් අවසන් ගමන් යයි
00:56
Video thumbnail
පොහොට්ටුවේ වෘත්තිය සමිති හදිසියේ රැස්වී ආණ්ඩුවට රතු එළි දල්වයි
27:07
Video thumbnail
හරීන් ආණ්ඩුවට සුබ පතලා - ගුණ වයනවා -දිව දෙකේ මිනිස්සු මේන්
02:44
Video thumbnail
වික්‍රමසිංහ මහත්තයගේ ළමයි ටිකට අනුරගේ අය උප්පැන්න දෙන්න හදනවා
04:20
Video thumbnail
ටියුෂන් වැඩිවුණේ මහින්ද ජයසිංහයි ජෝසප් ස්ටාර්ලිනුයි හින්දා #shorts #npp #trendingshorts
00:45
Video thumbnail
ආණ්ඩුව දැන් හොඳම කළු කඩ කාරයෝ වෙලා - ජනපති අනුරට ඇඩ්‍රස් නැතිවෙන්න දෙසයි
05:06
Video thumbnail
මහින්දට වඩා අනුරගේ ආරක්ෂාව වැදගත් - සුමන හිමිට ෆයර් වෙයි
08:08
Video thumbnail
මොන මගුලක්ද මේ දැන් කියන්නේ - මහින්ද ජයසිංහ ට හාමුදුරවන්ගෙන් කුණු බැණුම් - අහලම බලන්නකෝ
06:55
Video thumbnail
LIVE🔴රුදුරු සුනාමියේ ඇඟ කිළි පොළා යන කතාව - "මහ රැල්ලේ කඳුළැල්ල“
37:26
Video thumbnail
ගිනි ගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක්
06:11

?