බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව බව පවසමින් සිදුකරන වැඩක් නිසා ගල්කිරියාගම උණුසුම් තත්ත්වයක්

බුදුරජාණන්වහන්සේගේ උපන් බිම ලංකාව යන්න යම් සංවිධානයක් විසින් පසුගියදා ප්‍රකාශ කොට තිබුණා.
එහි සාමාජිකයන් පුරාවිද්‍යා ස්ථාන සාක්ෂි වශයෙන් සදහන්කරමින් දිවයිනේ විවිධ ස්ථාන තෝරා ගනිමින් විවිධ ප්‍රකාශ සිදු කළා.

ගල්කිරියාගම මහා උරුලෑව ප්‍රදේශයේ ද පසුගිය දිනවල එම සංවිධානය විසින් ඉඩම් වෙන් කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

තවද එසේ වෙන් කරගත් ඉඩම් පුරාවිද්‍යා වටිනා කමකින් යුත් ස්ථාන බවත් මෙම සංවිධානය වට කොට මිලදී ගත් ඉඩම් හරහා තම ගොවි බිම්වලට යන ඇලවේලි හරස් කරමින් වැටවල් ගසා ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ පිලිබදව ගල්කිරියාගම පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා ගොවි ජන සේවා නිලධාරීන්ට පැමිණිලි කිරීම සිදු කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඊයේ උදැසන මහ උරුලෑව ප්‍රදේශයේ ආරියකම්මට්ටාන සංවිධානය විසින් වෙන් කරගත්තා යැයි කියන ස්ථානයට ප්‍රදේශවාසී ගොවි ජනතාවගේ ඉල්ලීම මත ගරුතර මහා සංඝ රත්නය වැඩම කර තිබුණා.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් මෙම නීති විරෝධී ක්‍රියා සිදු වන ආකාරය මහා සංඝ රත්නයට පෙන්වා දීමෙන් අනතුරුව එහි තිබූ වැටවල් ඉවත් කිරීමට සංඝ රත්නය ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව පියවර ගෙන තිබුණා.

ගොසිප් ලංකා නිව්ස් දඹුල්ල වාර්තාකරු – චමින්ද කුමාර

https://www.youtube.com/watch?v=1PV9__jD7_k
  1. මුන්ගෙ ඔලුව නරක් වෙලා; දෙන් බුදුන් උපන් බිමත් ලංකාව වෙලා : වෙරදි උනත් දෙන් තියෙන්නෙ ඔය දම්බදිව ඉන්දියාවෙ වන්දමාන වලට යන අපෙ උපාසක උපාසිකාවනට අඩු මුදලට නවාතෙන් දෙන්න තෙන් හදලා, බස් සෙවයක් යොදවා උන්ට ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන පැත්තට යවන එකයි. අපෙ විදෙශ විනිමය ඉතුරු වනවා, අපෙ ව්යාපාරිකයන්ට මුදල් ඉපයීම්ට අවස්තාවක් ලෙබෙනවා ; බුදුන් ලං කාවෙ නෙමෙ අරාබියෙ ඉපදුනත් අපෙ උන් බෞදයන් නෙමෙ ; උපතින් බෞදයන් පමනයි; චීවරය දමා ගත් සීයට 99 ක්ම එසෙමයි තක්කඩි හොරු