සමගි ජන බලවේගයෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

යහපාලන ආණ්ඩුව සමයේ නිවාස අමාත්‍යාංශයේ මුදල් වංචාවක් සිදු වූ බවට සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කරන බවත් වැරැද්දක් තිබේ නම් අධිකරණයට යා යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විකල්ප පාර්ලිමේන්තුව යන තේමාව යටතේ අද (06දා) ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මේ රටේ පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනතාව වෙනුවෙන් පත් කළ මන්ත්‍රීවරුන්ට ජනතාවගේ අදහස් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා, ඒ සඳහා වූ නීති සම්පාදනය කරලා රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්න.

නමුත් අවාසනාවකට මේ පාර්ලිමේන්තුවේ පසුගිය දින කිහිපය තුල අපිට දකින්න ලැබුණු තත්ත්වය තමයි ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනකොට ඒක දරාගන්න බැරි තත්ත්වයක් ආණ්ඩුවට ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුව වංචා සිදු කරනකොට , ගසාකෑම්, දූෂණ සිදු කරනකොට ඒවා ගැන හෙලිදරව් කිරීම ආණ්ඩුවේ දැඩි මර්දනයක් වෙන්න හේතු වෙලා තිබෙනවා.

අද නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන කතා කරද්දි රණසිංහ ප්‍රේමදාස මහත්මයා හැරුණු විට මේ රටේ මෙහෙම නිවාස සංකල්පයක් ගොඩ නැගෙන්නේ නෑ. එතනින් පසු සජිත් ප්‍රේමදාස මහතා බලයට ආවට පස්සේ තමයි නැවත වතාවක් නිවාස අමාත්‍යාංශයේ බැබලීමක් ඇති වෙන් පටන් ගත්තේ.

එහෙම නැතිව මහල් නිවාස වල තින්ත ටිකක් ගාන එක විතරයි කට්ටිය කළේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට චෝදනා කරනවා නිවාස අමාත්‍යාංශයේ මුදල් වංචා තිබෙනවා කියලා. අපි නම් චෝදනා කර කර හිටියේ නෑ. අපි අධිකරණයට ගියා. අපි කියන්නේ වැරැද්දක් තිබෙනවා නම් යන්න අධිකරණයට. දැන් බොරුවට පාර්ලිමේන්තුව ඇතුලේ ඇවිත් කියන්නේ නැතිව.

මේ චෝදනා කරන්නේ ප්‍රචාරක වියදම් කළා කියලා. ගම්මාන දහස් ගානක් හදනකොට ඒක රට දැනුවත් කරන්න පෝස්ටරයක් ගහපු එක වැරදියිද? ඒත් මේ ප්‍රචාරන වියදම් ගැන කතා කරනකොට යහපාලනයට කලින් තිබුණු ආණ්ඩුවේ ප්‍රචාරන වියදම් ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඔ්නී නෑ. හංදියක් හංදියක් ගානේ පෝස්ටර්, කටවුට් තිබුණු විදිය මතකයි. ව්‍යාපෘතිය පොඩි වුනාට උත්සවයට කෝටි ගණන් වියදම් කරපු අවස්ථා තිබුණා. මේ වංචා දූෂණ ගැන කතා කරන්න පුලුවන් කණ්ඩායමක්ද මේ ඉන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49