මහ පරිමාණ ලෙස කේ. ජී. විකුණන මන්ත්‍රි

මහ පරිමාණ කේරළ ගංජා ජාවාරමක නිරතවෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු කේරළ ගංජා කිලෝග්‍රෑමයක් අලෙවිය සඳහා රැගෙන යමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (04 වැනිදා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සේවය අත්හිටුවා සිටින උපාධිධාරි ගණිත ගුරුවරයකුද වේ.

නොච්චියාගම හා අනුරාධපුර උළුක්කුලම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණේ අනුරාධපුර පූජා නගරයේ වෙස්සගිරිය වෙල්යාය ආසන්නයේදීය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ මෝටර් රථය පරික්ෂාවේදි කළු පැහැති උරයක ඔතා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑමයක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් ඇතුළු දුරකථන හතරක් හා කේරළ ගංජා විකුණා ලබාගත් රුපියල් දෙලක්ෂ හැත්තෑ නම දහසක මුදලක් සන්තකයේ තිබී පොලිසිය සියභාරයට ගෙන තිබිණි. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට යොමුකර තිබූ පෙත්සකමකට අනුව වැටලීම කර තිබිණි.

සැකකාර හිටපු මන්ත්‍රිවරයා විසින් තමන්ගේ ජාවාරමට පොලිසිය හා සුරාබදු දෙපාර්තුමේන්තුව උදව් ලබා දෙන බව පවසමින් උදම් අනමින් ජාවාරම සිදුකර තිබෙන බව පොලිසිය පැවසුවේය.

සැකකරු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කරන අවධියේ රජයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් වංචාකර තිබෙන බවත් එම චෝදනාවන්ට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි අධිකරණවල නඩු 30ක් විභාග වන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03