ඒක 18ට වැඩි කට්ටියට පමණයි.වැඩිපුරම කතාබහ වෙන ෆිල්ම් එකක් ගැන, චුලක්ෂි පළමු වරට කට අරී

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන චුලක්ෂි රණතුංග කියන්නේ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. පසුගිය දවසක ඇය රංගනයෙන් දායක වුණු අලුත්ම චිත්‍රපටය ගැන අන්තර්ජාලය පුරාවටම විශාල කතාහහක් ඇති වුණා.

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා උදයකාන්ත වර්ණසූරිය.. 

“ගිනි මල් පොකුරු” කියන මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වීමත් විශේෂ යි.

චිත්‍රපටයේ තොරතුරු කියන්න ඇය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ එක් වෙලා හිටියා.

මේ ඇය එහිදී පළ කළ අදහස්…

“..මම තාම රංගනය ගැන, ඉගෙන ගනිමින් ඉන්නවා. රඟපෑම කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි.. පිටපත ලැබෙද්දි මම උදයකාන්ත අයියට කිව්වා ‘අයියේ මම දැන්ම මේක කරන් නැතුව ඉන්නම්. මට ටික කලක් දෙන්න’ කියලා.. එතකොට උදයකාන්ත අයියා කියපු දේ තමයි, චිත්‍රපටි කර්මාන්තය දැන් වැටිලා තියෙන්නෙ. ෆිල්ම් බලන්න පවුල් පිටින් දැන් එන්නෙ නැහැ. ඒ කියන්නෙ ක්‍රවුඩ් එක අඩුයි. සීමිත පිරිසකට තමයි එන්න පුළුවන් කියන කතාව..”

චිත්‍රපටයට අවසර ගත්තේ කාගෙන්ද ? ඒ ප්‍රශ්නයත් චුලක්ෂිට යොමු වුණු ප්‍රශ්නයක්…

 “අවසර ගන්න තිබ්බේ අම්මාගෙන්. මම හිතනවා එයා මාව විශ්වාස කරනවා කියලා, මම කරන දේවල් ගැන…”

 “ගිනි මල් පොකුරු 18ට වැඩි කට්ටියට පමණයි..”

 අන්තර්ජාලයේ ඇතැම් සමූහවල හුවමාරු වන චිත්‍රපටයේ කොටස් ගැනත් මෙම සාකච්ඡාවේ දී චුලක්ෂගෙන් අහලා තිබුණා. එතනදී චුලක්ෂි මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා.

 “ඒක ගැන අපි දන්නෙත් නෑ. ඒක කොහෙන් හරි රූගත කිරීම්වලදී තියාගන්න ඇති.. ඒ ගැන අපි කතා නොකර ඉමු..!”

“මට බයක් හිතුන් නෑ, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියකට එන්න. මම හිතන් නෑ මාව කැටගරිස් කරයි කියලා ඒකටම. ගල් යුගයක් අපේ ලංකාවේ තාමත් තියෙනවා. කාන්තාවගේ අඩනිරුවත් දෙයක් කැත විදිහට දකින එක, ලස්සන විදිහට දකින එක, ඒක තියෙන්නේ ඒ කෙනාගේ මනස තුළ…”

“අපි වෙන මූවි එකක් බලද්දි ඒක වාව්.. ලංකාවේ එකක් බලද්දි අවුල්..! ඒවා අපේ වගේ රටක මාර විදිහට ලොකු මාතෘකා බවට පත් කරගෙන කතා කරනවා…”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40