AFC Banner
Empty Ad
Empty Ad

පළමු ආසාධිතයා මාරවිලෙන්


කොවිඩ් නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. මෙලෙස හඳුනා ගෙන ඇත්තේ අප්‍රිකානු කලාපයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. ඔහු පුත්තලම, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ අවශ්‍ය සියලු පාලන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේ ඔහු ඇතුලු ඔහුගේ පවුලේ පිරිස් පවා මේ වෙන විට නිරෝධායන ක්‍රියාවලියට ඇතුලත් කර ඇති බවය.

එසේම සියලුම ආශ්‍රිතයන් සම්බන්ධවත් කටයුතු සිදුකෙරෙන බැවින් අනවශ්‍ය කලබල ඇති නොකරගත යුතු බව සහ පුද්ගලිකව සියලුම ආරක්ෂිත පියවර තම තමුන් විසින් සකසා ගැනීම ප්‍රමාණවත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?