AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් 3ක් එකට සැසඳුනු හැටි හෙලි වෙයි

2018 වසරේ කාත්තන්කුඩියේ නිවසකට සහ ජාතික පෙරමුණ පක්ෂ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරවල බෝම්බ කොටස් සහ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් සඳහා යොදා ගත් බෝම්බ කොටස් සමාන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. 

ඊට අදාළව ඊයේ (02) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

2018 වසරේ පෙබරවාරි මාසයේ කාත්තන්කුඩියේ මෙම බෝම්බ ප්‍රහාර සිදු වූ අතර, වැඩිදුර පරීක්ෂණවලදී ඒවා කාල බෝම්බ බව තහවුරු වී තිබුණා. 

සහරාන්ගේ සොහොයුරා වන රිල්වාන් එම වසරේම අගෝස්තු මාසයේ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ අතර, එහිදී සොයා ගත් බෝම්බ කොටස් ද පාස්කු ප්‍රහාරයේ දී යොදා ගත් බෝම්බ සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?