ශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේ දී ඝාතනය කර පුළුස්සා දමයි

පාකිස්ථානයේ සියල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් එම කර්මාන්ත ශාලාවේ අපනයන කළමනාකරුට අමානුෂික ලෙස පහර දී වධ හිංසා පමුණුවා මරා දමා ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානයේ “ඩෝව්න්” වෙබ් අඩවියට අනුව මෙලෙස අමානුෂික පහරදීමට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්.

ඔහුට පහර දුන් කර්මාන්ත ශාලා සේවකයින් ඔහු මියගිය පසු එම සිරුරට ද ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සිද්ධියත් සමග ඇති වූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් ද එම ප්‍රදේශයට යොදවා තිබෙනවා.

සියල්කොට් හි වසිරාබාද් පාරේ පිහිටි කර්මාන්ත ශාලවක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් සයීඩ් මලික් පැවසුවේ මෙම සිද්ධියට ලක් වූ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු වූ බවට සැලකෙන සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ, සිය ගණනක් පුද්ගලයින් එම ස්ථානය වටා රැස්ව සිටිමින් යම් සටන් පාඨ කියමින් සිටින ආකාරයයි.

කෙසේ වෙතත් මෙම ඝාතනය පිටුපස ඇති අරමුණ කුමක්ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

මේ අතර සියල්කොට් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසුවේ මූලික විමර්ශනයෙන් පසු සියලු තොරතුරු මාධ්‍ය සමග බෙදා ගන්නා බවයි.

පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බුස්ඩාර් විසින් පන්ජාබ් පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් කැඳවා අපි අතර මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමටත් නියෝග කර තිබෙනවා.

“සිද්ධිය සම්බන්ධයෙන් සෑම අංශයකින්ම සොයා බලා අදාල වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. නීතිය අතට ගන්නා අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.” යනුවෙන් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණා.

පන්ජාබ් පොලිස්පති රාඕ සර්දාර් අලි ඛාන් ද සිද්ධිය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අතර සිද්ධියේ සියලුම පැති ගැන සොයා බැලිය යුතු බවට ගුජ්රන්වාලා ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබෙනවා.

2010 වසරේදී ද සියල්කොට් ප්‍රදේශයේ සිදුවූ මෙවැනිම සිදුවීමක් නිසා මැර පිරිසක් විසින් සොහොයුරන් දෙදෙනකු පොලිසිය ඉදිරිපිටදීම ඝාතනය කර මරා දැමුණු අතර පසුව එම කුරිරු ඝාතනවල ජංගම දුරකථන දර්ශන රට පුරා පැතිර යාමත් සමග එය මහජනතාවගේ මහත් කම්පනයට හා භීතියට හේතුවක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46